නිතර අසන ප්‍රශ්න
FAQ SINHALA
කෝටියක් වටින අදහසක් යනු ශ්‍රී ලංකාවේ තාක්ෂණ නිර්මාණශීලිත්වය හා ව්‍යවසායකත්වය සඳහා වූ පුරෝගාමී රුපවාහිනී රියැලිටි වැඩ සටහනයි. එහි අරමුණ වන්නේ වඩා හොඳ හෙට දිනයක් සඳහා තාක්ෂණයේ ශක්තිය උපයෝගී කරමින් නිර්මාණශීලී අදහස් ප්රබෝධනය කිරීමයි. තමන්ගේ අදහස ප්‍රායෝගික නිපැයුමක් / විසඳුමක් ලෙස පරිවර්තනය කොට එය සාර්ථක වෙළඳ ව්‍යාපාරයක් කිරීමේ ක්‍රියාවලිය තුළ තරඟකරුවන් මෙම වැඩසටහන අතරතුර තරඟ වදියි. 2016 වසරේ මොබිටෙල් විසින් සිරස රූපවාහිණී නාලිකාව හා සමග තරඟ වාර රැසකින් සමන්විත මෙම වැඩසටහන දියත් කරන ලදී.
දෙවන අදියර පළමු අදියරට වඩා යම්තාක් දුරකට වෙනස් වන අතර, එහි මූලික අංගයක් වන්නේ උපදේශනය හඳුන්වා දීමයි
තාක්ෂණික කර්මාන්ත වලින් ප්‍රවීණ පුද්ගලයින් / ව්‍යවසායකයින් උපදේශන සපයා කණ්ඩායම් අධීක්ෂණය කොට පුද්ගලයින්ගේ නිපුනතා වර්ධනය කොට අදහස වඩාත් ඉහල මට්ටමකට ගෙන ඒමට කණ්ඩායම් මෙහෙයවයි.
ඕනෑම ක්ෂේත්රයකට අදාළ අදහස් ඉදිරිපත් කළ හැකි අතර, ඒවායේ යම් තාක්ෂණික ස්වරූපයක් තිබේ යයි අපි බලාපොරොත්තු වෙමු. එය ඉතා සුළු තාක්ෂණික උපකරණයක් හෝ ඉතා වැදගත් ප්‍රශ්ණයකට සංකීර්ණ විසඳුමක් හෝ නැවුම් අදහසක් හෝ විය හැක. ජංගම, අන්තර්ජාල, IoT (Internet of Things) නැතහොත් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අතර සබඳතාව, big data නැතහොත් විශාල දත්ත ප්‍රමාණයන්, එලෙක්ට්‍රොනික, NFC නැතහොත් සමීප ක්ෂේත්‍ර සංනිවේදනය, virtual reality නැතහොත් අතත්‍ය යථාර්ථය යනාදී නව තාක්ෂණයන් යොදාගෙන එයට නිර්මාණශීලී නිපැයුම්, විසඳුම්, පද්ධති, වේදිකා ආදිය යොදාගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. තවද, තමන්ගේ අදහස් ඉදිරිපත් කරන විට තරඟකරුවන් විසින් ඒවාට නිපැයුම්, අලෙවි හා විකුණුම් පිළිබඳව ව්‍යාපාරික ස්වාභාවයක් අන්තර්ගත කළ යුතු වේ.
මේ සඳහා උනන්දුවක් දක්වන ආධුනිකයින් අන්තර්ජාලය ඔස්සේ මාර්ගගතව ලියාපදිංචිවී තමන්ගේ අදහස් ඉදිරිපත් කළ යුතු වේ. මූලික තෝරාගැනීමේ වටයකින් පසුව තෝරාගත් ‘අදහස් හිමිකරුවන්’ දිශානනිතිය වැඩසටහනක් සඳහා ආරාධනා කරනු ලැබේ.
උපදේශකයින් විසින් මූලික අදහස් ඉදිරිපත් කිරීමක් පදනම් කොට තරඟකරුවන් තොරා, ඉන්පසුව වැඩසටහන පුරාම එම කණ්ඩායම් වලට ඔවුන් විසින් අනුශාසනා ලබා දී ඔවුන්ගේ අදහස් යතාර්ථයක් කරා ගෙන යාම සඳහා ඔවුන් පෝෂණය කරමින් උපදෙස් ලබා දෙනු ලැබේ. මූලික බැහැර කිරීම් උපදේශකයින් විසින් සිදු කරනු ලබන අතර, ප්‍රධාන ඉදිරිපත් කිරීම් විවිධ කර්මාන්ත ක්ෂේත්රවල විශේෂඥයින්, ව්‍යවසායකයින් හා විද්වතුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක් කරනු ලැබේ. නිපැයුම්වල ප්‍රායෝගික බව, මුල් ක්‍රියාකාරී නිපැයුම, ව්‍යාපාරයේ ප්‍රායෝගික බව, අලෙවිය ආදී විවිධ අංග පදනම් කර ගෙන ප්‍රධාන ඉදිරිපත් කිරීම් ඇගයීමට ලක් කරනු ලැබේ. විනිශ්චය මණ්ඩලය විසින් සෑම වටයකදීම කණ්ඩායම් ඇගයීමට ලක් කෙරෙන අතර, අවසන් මහා තරඟය සඳහා කණ්ඩායම් ගණන ක්‍රමයෙන් හීන වනු ඇත. අවසන් මහා තරඟයේදී හොඳම නිර්මාණශීලී අදහස සඳහා ත්‍යාග ප්රදානය කරනු ලැබේ.
ලියාපදිංචි කිරීම අගෝස්තු මස 11 වන දින ආරම්භ වේ.
අදහස් ඉදිරිපත් කළ යුත්තේ පෞද්ගලික වශයෙනි. තාක්ෂණික, අලෙවි සහ ව්‍යාපාරික / මුල්‍යමය නිපුනතා පුර්ණ ලෙස ඇති කණ්ඩායමක් ගොඩනැගීම සඳහා වැඩසටහන ඔස්සේ තමන්ට රිසිසේ සමාන අදහස් දරණ වෙනත් සාමාජිකයින් සමග කණ්ඩායම්ගත විය හැක.
ලියාපදිංචි කිරීම මාර්ගගත ක්‍රියාවලියකි. https://kva.mobitel.lk වෙබ් අඩවිය ඔස්සේ තරඟකරුවන් ලෙස ලියාපදිංචිවී තමන්ගේ අදහස් සවිස්තරව ඉදිරිපත් කළ හැක.
එය පසුව දැනුම් දෙනු ලැබේ.
අප විසින් සැලකිල්ලට භාජනය වන සුදුසුකම් මාලාවක් තිබේ. කරුණාකර කෝටියක් වටිනා අදහසක් විධිවිධාන හා කොන්දේසි කියවන්න.
එවන් සීමාවක් නැත. එහෙත්, ප්රවේශමින් හිතා බලා / විශ්ලේෂණය කොට ඔබේ හොඳම අදහස ඉදිරිපත් කරන්න.
මූලික අයදුම්පත් ඇගයීම සිදු කරන අතර, තෝරාගත් ‘අදහස් හිමිකරුවන්’ දිශානනිතිය වැඩසටහනක් සඳහා ආරාධනා කරනු ලැබේ. ඉන්පසුව ඔවුන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවනු ලැබේ. දිශානනිතිය වැඩසටහන අතරතුර වැඩසටහනේ නීති රීති හා ක්‍රියාවලිය දැනුම් දෙනු ලැබේ.
ඔබේ අදහස ඉංග්‍රීසි, සිංහළ හා දෙමළ යන භාෂා තුනෙන් ඕනෑම භාෂාවකින් ඉදිරිපත් කල හැක. එහෙත්, මෙම වැඩසටහන සිංහළ බසින් පැවැත්වෙන බැවින් හැකිතාක් පමණින් එය භාවිතා කිරීම යෝග්‍ය වේ.
ඔව්. පසු වටයන් වලදී තෝරාගත් කණ්ඩායම් වලට තරඟයේ අභියෝග වලට මුහුණ දීම සඳහා සීමිත ලෙස මුදල් සපයනු ලැබේ.
ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී තරඟකරුවන් කෝටියක් වටිනා අදහසක් විධිවිධාන හා කොන්දේසි වලට එකඟ විය යුතු වේ.
වැඩසටහනේ වැඩි කොටසක් කොළඹදී පැවැත්වේ. (මොබිටෙල් නවෝත්පාදන මධ්‍යස්ථානය, ට්‍රේස් එක්ස්පට් සිටි, කොළඹ 10.)
විවිධ කර්මාන්ත ක්ෂේත්රවල විශේෂඥයින්, ව්‍යවසායකයින් හා විද්වතුන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් තරඟය විනිශ්චය කරනු ලැබේ.
මේ පිළිබඳව තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින්න.
මේ පිළිබඳවද තොරතුරු බලාපොරොත්තුවෙන් සිටින්න.
තරඟකරුවෙකු ලෙස ඔබට විවිධ කර්මාන්ත ක්ෂේත්රවල විශේෂඥයින්, ව්‍යවසායකයින් හා විද්වතුන් දැන ඇඳින ගැනීමේ විශිෂ්ඨ අවස්ථාවක් ලැබෙනු ඇත. මෙම මුළු කාලය පුරාම අනුශාසනා, ප්‍රතිචාර, ඔබේ අදහස් පිළිබඳ විවේචන, නව්‍යකරණය, ව්‍යාපාරික කෝණමානය ආදිය ලබා ගැනීම පිණිස වැඩසටහන් උපදේශකවරුන් සමග ඉතා සමීපව ඔබ නියැලී සිටිනු ඇත. ව්‍යාපාර ගොඩනැගීම පිළිබඳව තරඟකරුවන්ගේ දැනුම තියුණු කිරීම සඳහා මෙය අවස්ථාවක් වනු ඇත. ඔබ රූපවාහිණී රියැලිටි වැඩසටහනක කොටසක් වන බවත්, ඔබේ අපූරු නිර්මාණයන් රටේ සියල්ලන්ගේ ප්‍රසාදයට ලක් වන බවත් අමතක නොකරන්න.
අවසන් මහා තරඟයේදී ජයග්‍රාහකයින් අපූරු තෑගි රැසක් රැගෙන යනු ඇත.
විශිෂ්ඨ අදහස් ඉදිරිපත් කළ වෙනත් තරඟකරුවන් හේතුවෙන් ඔබේ ඉදිරිපත් කිරීම පහළට බස යන්නට ඇත.